කාලෙක‍ට පස්සෙ

විභාග වැඩ නිසා පහු ගිය දවස් වල මෙ පැත්තෙ වත් එන්ඩ වෙලාවක් තිබුනෙ නැ යන්තම් සෙනසුරාදට පස්සෙ දවසෙ ඉරිද විභාගෙ ඉවර වෙලා ප්‍රතිපල එනකම් පොඩි නිවාඩුවක් ලැබුනා. ප්‍රතිපල කොහොම වේවිද දන්නෙ නම් නෑ.ගොඩක් කාලෙකට පස්සෙ ආපු නිසා පොස්‍ට් එකක කොටන් නැතුව ගියොත් හොද නෑ නෙ

මට ebay වලින් මොකක් හරි අයිටම් එකක් ගෙන්න ගන්ඩ මාර ආසවක් තිබුනෙ. ඇත්තම කිව්වොත් මට ඕන වුනේ online purchasing ගැන දැනගන්ඩ. ‍ඕං ඉතින් වටින් ගොඩින් විස්තර ටිකක් හොයා ගෙන  මුලින්ම credit card එකක් ගත්ත. පස්සෙ paypal එකවුන්ට් එකකුත් open කරා. දැන්තමා ලොකුම දෙවැනි ප්‍රශ්නය( පලමු එක මුදල් කියල කියන්ඩ ඕන නෑ නෙ) මොකක්ද ගෙන්න ගන්නෙ කියන එක. ටිකක් කල්පනා කරන කොට තමා මතක වුනෙ ‍phone එකට cover එකක් ගත්තොත් හොදයි කියල. මම ඉතින් ebay වලින් හොයල එකක් order කරා. රුපියල් 800 ක් විතර තමා ඔක්කොම වුනෙ අවුරුද්දක වගකීමකුත් එක්ක cover එක ගෙදරටම එවල තිබුන. මුලින් ebay  ගැන තිබුන කුතුහලය දැන්නම් නැ. මේකෙන් මම ඉගෙන ගත්ත ප්‍රධාන ම දෙය තමයි යමක් ඉගෙන ගන්ඩ නම් හරි යන්ඩ හරි වරදින්ඩ හරි මුලින් උත්සාහ කරල බලන්ඩ ඕන කියන එක 

පලි ඔය උඩින් තියෙන්නෙ මම ගත්ත phone cover එක වගේ එකක් පිංතූරෙ නම් ගත්තෙ google.com වලින්

ප්‍රතිචාරයක් ලබාදෙන්න