කාලෙක‍ට පස්සෙ

විභාග වැඩ නිසා පහු ගිය දවස් වල මෙ පැත්තෙ වත් එන්ඩ වෙලාවක් තිබුනෙ නැ යන්තම් සෙනසුරාදට පස්සෙ දවසෙ ඉරිද විභාගෙ ඉවර වෙලා ප්‍රතිපල එනකම් පොඩි නිවාඩුවක් ලැබුනා. ප්‍රතිපල කොහොම වේවිද දන්නෙ නම් නෑ.ගොඩක් කාලෙකට පස්සෙ ආපු නිසා පොස්‍ට් එකක කොටන් නැතුව ගියොත් හොද නෑ නෙ

මට ebay වලින් මොකක් හරි අයිටම් එකක් ගෙන්න ගන්ඩ මාර ආසවක් තිබුනෙ. ඇත්තම කිව්වොත් මට ඕන වුනේ online purchasing ගැන දැනගන්ඩ. ‍ඕං ඉතින් වටින් ගොඩින් විස්තර ටිකක් හොයා ගෙන  මුලින්ම credit card එකක් ගත්ත. පස්සෙ paypal එකවුන්ට් එකකුත් open කරා. දැන්තමා ලොකුම දෙවැනි ප්‍රශ්නය( පලමු එක මුදල් කියල කියන්ඩ ඕන නෑ නෙ) මොකක්ද ගෙන්න ගන්නෙ කියන එක. ටිකක් කල්පනා කරන කොට තමා මතක වුනෙ ‍phone එකට cover එකක් ගත්තොත් හොදයි කියල. මම ඉතින් ebay වලින් හොයල එකක් order කරා. රුපියල් 800 ක් විතර තමා ඔක්කොම වුනෙ අවුරුද්දක වගකීමකුත් එක්ක cover එක ගෙදරටම එවල තිබුන. මුලින් ebay  ගැන තිබුන කුතුහලය දැන්නම් නැ. මේකෙන් මම ඉගෙන ගත්ත ප්‍රධාන ම දෙය තමයි යමක් ඉගෙන ගන්ඩ නම් හරි යන්ඩ හරි වරදින්ඩ හරි මුලින් උත්සාහ කරල බලන්ඩ ඕන කියන එක 

පලි ඔය උඩින් තියෙන්නෙ මම ගත්ත phone cover එක වගේ එකක් පිංතූරෙ නම් ගත්තෙ google.com වලින්

Advertisements

දුම්බොන අයට පමණයි!

පහු ගිය දවස් වල තිබුන වැඩ නිසා බොල්ග් එක පැත්ත පලාතක එන්ඩ වෙලාවක් තිබුනෙ නැ.අද පොඩි විවේකයක් ලැබුන නිසා බොල්ග් එකක් ලියන්ඩ හිතුනත් මොකක් ගැනද ලියන්නෙ කියල දහඅතේ කල්පනා කර කර ඉන්න කොට තමයි ඊයෙ (‍අප්‍රේල් 1) දවස ගැන ලියල පලකරල තිබුන පෝස්ටරය ගැන මතක් වුනෙ.                                                                            එ පෝස්ටරයෙන් කියවුනෙ අපේ සමාජයේ ඉන්න දුම්බිමට ඇබ්බැහි වුන  පුද්ගලයින් ගැන. ඊයෙ දවසට‍ යෙදුන එම පිරිසගේ උපන් දින සමරන්න ලංකාවේ බහුතරයක් දෙනා සම්බන්ධ වීමත් සතුට ගෙන එන කාරණයක්(මෙ කතා කරන්නෙ දුම්පානය කරන පිරි‍‍සගේ උපන් දින සාදය ගැන පමණක් බව මතක තියාගන්න) හැම මාධ්‍යයක් හරහාම මේපිරිසට උපන් දින සුභ පැතුම් ගලාගෙන ආ‍ව.ඉතින් ඊයෙ දවසෙ තිබුන කාර්යය බහුලත්වය නිසා සුභ පතන්න බැරි වුනාට ඒ අයට අද දවසේ මම සුභ පතනවා  ඔයාල හැමෝටම 

                             සුභ උපන් දිනයත් වේවා!!!!!

‍(රූපය ගත්තෙ google image වලින්)

ස්තූතියි!!!

බොල්ග් ගැන මෙලෝ දෙයක් නොදැන හිටියට office එකේ නිකන් ඉන්න වෙලාවට යාලුවොත් එක්ක බොල්ග් කියවන්ඩ අමතක කලේ නෑ.පස්සෙ මටත් හිතුන මගේම බොල්ග් එකක් පටන් ගන්න. ඒත කොහෙද වෙලාවක්! පස්සෙ කොහොමහරි වෙලා‍වක් හොයාගෙන හොද නමකුත් මතක් කරගෙන බොල්ග් එක ලියන්නඩ පටන් ගත්තා.

ටික දවසක් යනකොට මට හිතුනා මගෙ බොල්ග් එකත් සිංහල බ්ලොග් කියවනයට ඇතුලත්කල් කරන්ඩ. ඒ අනුව මම සති කීපයකට කලින් ඉල්ලීමක් කරා ඒ ඉල්ලීමට සතුටු දායක පිළිතුරක් ලබා දෙමින් මාගේ බොල්ග් අඩවිය සිංහල බ්ලොග් කියවනයට ඇතුලත්ලත් කල බව කාලිංග අයියා e-mail  එකක් මගින් මට දැනුම් දුන්නා ම‍ට ගොඩක් සතුටු හිතුනා. 

ඉතින් මෙ වෙලාවෙ මම මට මේ බොල්ග් ගැන කියල දුන්න මාගෙ මිතුරන් සියලු දෙනාටත්, මාගේ බොල්ග් අඩවිය  සිංහල බ්ලොග් කියවනයට පිලිගත් දනට එහි සිටින සියලුම දෙනාටත් මම ස්තූති වන්ත වන අත‍ර ඉදිරියටත් මෙම බොල්ග් අඩවිය සමග රැදි සිටිමින් ඔයාලගෙ අදහස් යොජනා චෝදනා මට ලබාදෙන්න කියලා මම ඔයාල හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.ඔයාල හැමෝටම ස්තූතියි!!!